27 April 2024
#දේශීය

එජාප හිටපු ඇමැතිවරයෙකුට ඇමැති ජොන්ස්ටන් අනතුරු අඟවයි

කුරුණෑගල සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ වැඩ අත්හිටුවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් බවත් ඔහු ගත් කොන්ත්‍රාත්තුව ජූලි 31 ට පෙර අවසන් නොකළොත් නීතිමය පියවර ගන්නා බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

කුරුණෑගල සිට මීරිගම දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ අතරමැද කොටසක ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු විසින් සිදුකරගෙන යන බැවින් එම කොටසේ කටයුතු නිම වන තෙක් මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු අත්හිටුවී ඇති බවත් දැනට මන්දගාමීව සිදුකෙරෙන එම ඉදිකිරීම් කටයුතු කඩිනම් නොකළහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බව හෙතෙම පැවසිය.

පසුගිය ආණ්ඩුවේ සහ අමාත්‍යවරුන්ගේ අවශ්‍යතාව වූයේ අධිවේගී මාර්ග සංවර්ධනය නොව ඒවායින් ගසා කෑමේ මාර්ග පාදාගැනීම පමණක් වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *