27 April 2024
#දේශීය

අපේ හඩපට ගැන අපි බය නෑ – ජවිපෙ

දේශපාලනය කරනකොට දේශපාලඥයින් සමග කතා කරන්න සිදුවන අතර මොන හඩපටවල වුනත් දේශපාලන ඩිල් ගැන කතා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (16) කැඳවු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ කියන ඕනෑම පුද්ගලයෙක් සමඟ අපට දේශපාලනයේදී කතා කරන්න සිදුවන බවයි.

නමුත් අප කියනවා ඕන තරම් හඩපට එලියට ආවත් අපි බයනොමැති බව හෙතෙම පැවසිය. මන්ද අපිට විශ්වාසයක් තියෙනවා මොන හඩපටවල වුනත් දේශපාලන ඩිල් ගැන අප කතා නොකර බව මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු ආයතනයක් මගින් මේවා සියල්ල ප‍්‍රචාරය කල යුතු බව ඔහු අනාවරණ කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *