එයාර් බෑග් (Air bags) නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ අවදානමක් පවතින බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවිත වන වාහන 440,830ක් යළි කැඳවීමට (Recall) හෝන්ඩා (Honda) සමාගම තීරණය කර ඇති බව ඇමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන සුරක්ෂිතතා පරිපාලනය (NHTSA) බදාදා නිවේදනය කළේය.
මෙම දෝෂය හේතුවෙන් අනතුරකදී වාහනයේ එයාර් බෑග් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව NHTSA ආයතනය පෙන්වා දෙයි. විශේෂයෙන්ම එයාර් බෑග් පද්ධතියේ පවතින යම් කාර්මික දෝෂයක් මෙලෙස වාහන විශාල ප්‍රමාණයක් යළි කැඳවීමට ප්‍රධාන හේතුව වී තිබේ. අදාළ වාහන හිමිකරුවන් දැනුවත් කර එම දෝෂය නොමිලේ නිවැරදි කර දීමට හෝන්ඩා සමාගම කටයුතු කරනු ඇත.
මෑත කාලීනව මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති අතර, ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයින් සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ මෙවැනි විශාල වාහන ප්‍රමාණයක් යළි කැඳවීම මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල මෙහෙයුම් පිරිවැය කෙරෙහි ද යම් බලපෑමක් ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














