27 April 2024
#Uncategorised

ඒකාබද්ධය ඇතුළේ කචල් – ඇමැති ගයන්ත කියයි

ඒකාබද්ධ විපක්ෂයේ අද විශාල පිපිරීම හා අසමගියක් ඇතිවී ඇතිබව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිම මත ගැටුමක් නොමැති බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙවර 5 වසර ශිෂ්‍යත්වය සමත් ගාලු දිස්ත්‍රික්කයේ දරු දැරියන් ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැති උත්සවයට එක්වෙමින් පසු මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින්.

අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ අද විශාල පිපිරීම හා අසමගියක් ඇතිවී ඇතිබවත් අපි ආණ්ඩුවක් වශයෙන් ඉදිරියට යන බවත් ඔවුන් දවසින් දවස බේද හදාගෙන කුලල් කමින් සිටින බවත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *