27 April 2024
#දේශීය

බැනුම් ඇහුව කාලේ ඇති – ඇමැති දුමින්ද

දැන් ආණ්ඩුව බැනුම් ඇහුව කාලේ ඇති බවත් ඉතුරු කාලෙවත් කොහොමද බැනුම් නොහා යන්නේ කියා බලන බව වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක නියං සහනාධාර බෙදා දීමේ වැඩසටහන යටතේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල ඉහළහල්මිල්ලෑව ප්‍රදේශයේ සහනාධාර ලාභීන් 800 දෙනෙකු වෙත සහනාධාර මලු බෙදා දීමට සහභාගී වෙමින්.

මෙම අවස්ථාවට අමාත්‍යයවරුන් වන චන්ද්‍රාණී බංඩාර, විරකුමාර දිසානායක යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ඒ නිසා තමයි අපි බොහෝ දේවල් ජනතාවට අවශ්‍යය වෙන විදිහට වෙනස් කරලා තියෙන්නේආණ්ඩුව කරන වැඩ ගැන ජනතාවගේ දැනුවත් වීමේ මදිකමක් තියෙනවා.හැබැයි මේකේ වරදත් අපේම තමයි තියෙන්නේ.මේ ජාතික ආණ්ඩුව හදන්න කලින් තිබුණ ආණ්ඩුවෙත් හිටියේ අපිමනේ, ඒ ආණ්ඩුවේ අපි ඉන්න කොට කක්කුස්සියක් හැදුවත් අපි ආවනේ, ඇවිත් අපි කිව්වෙත් ආණ්ඩුවේ වැඩක් නෙමෙයි මේක මහින්ද මහත්තයා මේක දෙන්න කිව්වා කියලා තමයි කිව්වේ.ඒ නිසා තමයි අපිට මේ නමත් ඔලුවෙන් අයින් කරගන්න බැරි වෙලා තියෙන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *