27 April 2024
#දේශීය

ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – විපක්ෂනායක කියයි

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (15) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ළඟදීම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඊලඟට පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වෙන බව විපක්ෂනායකවරයා පැවසිය. පලාත් සභා මැතිවරණය තවදුරටත් කල් යන බව පෙනෙන්නට ඇති බව ඔහු පැවසිය.

තව ද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ගැටමු නවතා ජනතාව වෙනුවෙන් වැඩ කල යුතු බව ඔහු අනාවරණ කළේය. එසේම ඔවුන්ගේ රණ්ඩු නවතා ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *