27 April 2024
#දේශීය

හිස්බුල්ලා TIDයෙන් පිටව යයි ( Update)

ප්‍රකාශයක් ලබාදීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවූ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පස්වරු 5.45ට පමණ එම ඒකකයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැක සහිත ලෙස අරාබි ජාතිකයින් හමුවීම ගැන හිස්බුල්ලා TID ප්‍රකාශයක් දෙයි (පෙරවරු 10)

ඇඳිරි නීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී කල්කුඩා ප්‍ර දේශයේ හෝටලකදී සැක සහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමු වී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ තිබේ.

අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇරඹි විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *