27 April 2024
#ව්‍යාපාර

ඖෂධකාර කුළුබඩුවලින් ආහාර පිසිනවානම් ලෙඩ වෙන්නේ නෑ – ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස්

ඖෂධකාර කුළු බඩුවලින් ආහාර පිසිනවානම් බෙහෙත් අවශ්‍ය නොමැති බව ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා Global Spice Road පිළිබඳ මාධ්‍ය හමුව අමතමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ ඖෂධ වර්ග 42 ක් භාවිත කරන අතර එම ඖෂධ වර්ග භාවිත කරලා ආහාර සකස් කර ගන්නා බවයි. මේතරම් ඖෂධ ඇති අපේ රටේ ඇතැම් රෝග සඳහා අපේම ඖෂධ පිටරටවලට යවලා ඒවා නැවත ඖෂධ  නිෂ්පාදනය කරලා නැවත අපේ රටටම එවන බවත් සැබෑවින්ම මේ ඖෂධවර්ග භාවිතා කර අපේ රෝග පාලනය කර ගැනීමට කටයුතු කළ යුතු බව පබිලිස් සිල්වා මහතා පැවසිය. එමෙන්ම ඖෂධ ගැන අපේ දරුවන්ට කියලා දෙන්න ඕනෑ බවත් අපේ පාසල්වල දරුවන්ට මේවා සම්බන්ධයෙන් පුළුල් දැනුමක් දෙන්න ඕන බව ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *