27 April 2024
#දේශීය

කථානායකට පුළුවන් මාධ්‍ය කැඳවන්න… ! සභානායක කියයි

පාර්ලිමේන්තුවේ කාරක සභා කටයුතු සදහා මාධ්‍ය කැදවීමේ හැකියාව ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාට පවතින බව සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සභානායකවරයා මේ බව පැවසුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පසුගියදා (2019.02.08) ගිණුම් කාරක සභාව හා පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු සදහා ජනමාධ්‍ය සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නගන ලද පැනයට පිළිතුරු ලබා දෙමින්.

සභානායකවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාට පුළුවන් මෙම කමිටුවට මාධ්‍ය කැදවන්න .මම මේ සම්බන්ධයෙන් හිටපු මහලේකම්වරු කිහිප දෙනෙකුගෙනුත් විමසීම් කලා .මොකද ඒක පාර්ලිමේන්තුවේදී මතුකරන ප්‍රශ්නයක් නිසා ,ඒ කමිටුවට පුළුවන් කතානායකවරයාගේ අවසර ඇතිව මාධ්‍ය කැදවන්න .

සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ” බොහොම සතුටුයි ,ඔබතුමා සභානායකවරයා වශයෙන් මෙම ප්‍රකාශය කල එක වැදගත් .සභා ගර්භයත් එක්ක සාකච්ජා කරලා අපිට ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී ම මාධ්‍ය කැදවන්න පුලුවන්නම් අපි ඒක කරමු .

Leave a comment

Your email address will not be published. Required fields are marked *