27 April 2024
#දේශීය

සිංගප්පුරු සිහිනය මිත්‍යාවක්… ! කථිකාචාර්ය සුමිත් චාමින්ද

වසර 40 ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සිංගප්පුරු සිහිනයක් දකින බවත් එය තවමත් සිහිනයක් පමණක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල මහතා විසින් ඉදිරිපත් කරනු ලබන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් සුමිත් චාමින්ද මහතා කියා සිටියේ සිංගප්පුරුව සම්බන්ධයෙන් ව්‍යාජ චිත්‍රයක් ශ්‍රී ලංකාව තුළ ඇති කර ඇති බවයි. සිංගප්පුරුව ප්‍රජාතාන්ත්‍රවාදිව ජිවත් විය හැකි නොවන රටක් බවත් එය මර්ධනකාරිව පාලනය කරන රටක් බව සුමිත් මහතා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විසින් සිංගප්පුරුවේ සංවර්ධන මෝඩලයට වඩා මර්ධනකාරි මෝඩල ක්‍රියාත්මක කළ බව කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිංගප්පුරු සිහිනය පිළිබඳ සරලව නිවැරදි පැහැදිලි කිරීම දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී තරින්ද ඇල්විටිගල මහතා විසින් ඉදිරිපත් කරන සංවාදාත්මක වැඩසටහන මෙතනින් .

Leave a comment

Your email address will not be published. Required fields are marked *