27 April 2024
#දේශීය

කමිටු වාර්තාව මසකින් … වැරදිකරුවන්ට නඩු – අගමැති

ජාතිවාදය ඇවිස්සීම තුළින් සිදු වන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රමාණය වැඩි වීම හෙයින් ජාතිවාදයට යළි හිස එසැවීමට ඉඩ නොදිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යම් යම් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍යවරුන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත්, ඕනෑම කෙනෙකුට තම චෝදනා ඊට ඉදිරිපත් කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසූයේ කමිටු වාර්තාව මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමටත්, වැරදිකරුවනට නඩු පැවරීමටත් ක්‍රියා කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (04 වන දා) පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් . නිදහසින් පසු ප්‍රථම වතාවට මුස්ලිම් අමාත්‍යවරයෙකු නොමැති රජයක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ස්වල්ප දෙනෙක් මේ පිළිබඳව සතුටට පත් වුණත් එය රටට හිතකර තත්ත්වයක් නොවන බව ද මෙහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එම්.එස්.ඩී. ජයසේකර, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පී. ඩබ්. රාජපක්ෂ යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධිධාරීන් ඇතුලූ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *