27 April 2024
#දේශීය

සහරාන්ව අත්අඩංගුවට ගත්තානම් ප්‍රහාර අවම කර ගැනිමට තිබුණා

පාස්කු දින සිදු කල බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සහරාන් හෂීම්ව රහසිගත උපායමාර්ගික සැලැස්මකින් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට අද (04) දිනයේදී සාක්ෂි ලබාදෙමින්.

තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා , අන්තවාදී කල්ලිවලට එරෙහිව කළ විමර්ශනවල අඩුපාඩු සිදුවූ බව හෙතෙම පැවසිය.

එහිදී නාලක සිල්වා මහතා එහිදී කියා සිටියේ, සහරාන්ගේ වෙබ් අඩවි හා ෆේස් බුක් තුළින් ප්‍රචණ්ඩකාරී දෙයක් සිදු කරමින් සිටි බවයි. ඒ පිළිබඳ තමා පොලිස්පතිවරයා නිරන්තරයෙන් දැනුවත් කල බවත් පොලිස්පතිවරයා පවා තමාට එම පරික්ෂණ අඛණ්ඩ සිදු කරන ලෙස පැවසු නාලක සිල්වා මහතා අනාවරණ කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *