4 May 2024
#දේශීය #පුවත් #සංවර්ධන

කරාපිටිය ශික්ෂණ රෝහලට අති නවීන CT Scanner යන්ත්‍රයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (24) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇති අතර, රෝහලේ විකිරණ විද්‍යා අංශය (Department of Radiology) තුල ස්ථාපිත කර ඇත.

පසුගිය සදුදා දින මෙම CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර අද දින තෙක් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරන ලද අතර, අද දින සිට රෝගීන්ගේ CT Scan පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකි වේ. එමගින් දැනට CT Scanner පරීක්ෂණ කටයුතු සදහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට කරාපිටිය ශික්ෂණ රොහලේ අධ්‍යක්ෂ ස්.ඩී.යූ.එම් රංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *