27 April 2024
#දේශීය

කල්මුනේ වෙරළතීරයේ තෙල් තට්ටුව බලන ලෙස ඇමැති දේවානන්දා නාරා ආයතනයට උපදෙස් දෙයි

පසුගිය දිනවල සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි විදේශීය නැවක සිදු වු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් සොයාගෙන තිබේ.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පැවසුවේ මේ හේතුව නිසා භීතියට පත් ධීවරයන් පසුගිය 04 වනදා සිට ධීවර කටයුතු වලින් වැලකී සිට ඇති බවයි.

මෙම කරුණ පිළිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත වාර්තා කිරීමෙන් පසු ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතනයේ සභාපති අචාර්ය නවරත්නරාජා මහතා හා එම ආයතනයේ නිලධාරීන් කැදවු සාකච්ඡාවක් පැවැත් වු බව අමාත්‍යංශය පවසයි.

එහිදී අමාත්‍යවරයා මේ පිළිබදව වහාම වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත් මෙම ධීවරයන්ට ඇති වී ඇති බිය හා සැකය පිළිබද සොයා බලා ඒ පිළිබද සත්‍ය තත්වය තමා වෙත දන්වන ලෙසත් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *