27 April 2024
#සංවර්ධන

සුර්ය බලයෙන් සැමට විදුලිය දෙන්න රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

භේදයකින් තොරව සියලු නිවෙස් වල වහළය මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් ඇති කරන බව සංවර්ධන රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ,අනුරාධපුර කුඹුක්වැව නිමල්සිරි විදුහල් වත්තේ වගා කළ අඹ වගාවේ අග්‍ර ඵලය බුදුන්ට හා දෙවියන්ට පූජා කිරීමේ පුණ්‍ය උත්සවයට සහභාගී වෙමින්.

අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරුණු අතර, එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

අද පාසල් වල විදුලි බිල විශාල විදුලි බිලක් බවට පත්ව ඇති අතර ඉදිරි කාලය තුළ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට සඳහා පාසල් වල තියෙන වහල භාවිතා කිරීමට කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙය පාසල් වල පමණක් නොව රජයේ පොදු ගොඩනැගිලි, ආණ්ඩුවේ අමාත්‍යංශය ගොඩනැගිලි වලත් පුලුවන් උපරිම ප්‍රමාණයක් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් 80% ක් විදුලිය නිෂ්පාදනය කිරීම අපගේ ඉලක්කය හා බලාපොරොත්තුව බව ඔහු අනාවරණ කළේය.

රටක් හොඳ පැත්තට යන කොට පක්ෂ-පාට, කුළ-මල භේදයකින් තොරව හොඳ දේට හොඳයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් අප අධිෂ්ඨාන කර ගත්තොත් මේ වසර 05 තුළ අපට පුළුවන්කම ලැබෙයි මේ රට වෙනස් කරන්න අලුත් කරන්න යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහින්දසෝම, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *