27 April 2024
#දේශීය

මතට ඇබ්බැහිවු රැදවියන් පුනරුත්තාපනයට වැඩසටහනක් – ඇමැති නිමල්  

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැදවියන් බන්ධනාගාරවලින් ඉවත් කර වෙනමම විවෘත බන්ධනාගාරයට යොමු කර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී යෙදවීමට කටයුතු කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වනදා බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කදවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පැවති ආගමික උත්සවය සදහා එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි කාලයේදී සෑම බන්ධනාගාරයකටම තිබෙන පහසුකම් සොයා බැලීමට කටයුතු කරන බවයි. එසේම බන්ධනාගාර පද්ධතියේ ඇති පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසිය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන් බන්ධනාගාර අධිකාරීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *