කළුතර පොලිස් විද්යාලයේ පාඨමාලාවක් හදාරමින් සිටි ශිෂ්ය භටයින් පිරිසකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර පහරදුන් බවට චෝදනා එල්ල වූ හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුලියාපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කඳුරුවෙල 11 වැනි ජාතික ශිෂ්ය භට ඒකකයට අනුයුක්තව රාජකාරි කරන අයෙකු බව වාර්තා වේ.
ශිෂ්ය භට නිවාස පරීක්ෂාවක් සඳහා පැමිණි අවස්ථාවේදී සැකකරු සිසුන්ගේ ලිංගික ප්රදේශ ස්පර්ශ කර ඇති බවත්, ඊට විරෝධය පළ කිරීමෙන් පසු ඔවුන්ට පහරදී ඇති බවත් පොලීසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ ශිෂ්ය භටයින් හත්දෙනෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව සඳහන් වේ. එහිදී සිසුන් ද සැකකාර කෝප්රල්වරයාට පහරදී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කර සිටි බවට ද අනාවරණය වී තිබේ.
මෙම ශිෂ්ය භටයින්ගේ විසිරයාමේ පෙළපාළිය ලබන 25 වැනිදා පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ බව ද පොලීසිය සඳහන් කරයි.














