29 April 2024
#දේශීය #පුවත්

නිදහස් පක්ෂයේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහභාගී වෙයි

කොළඹ පදනම් ආයතනයේදී අද (08) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගී වී තිබේ.

කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන එම රැස්වීම කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ මෙලෙස කැඳවා ඇති දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධි බවයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *