27 April 2024
#දේශීය

ක්‍රිකට් ක්‍රිඩාවේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට ගන්න – ඇමැති අර්ජුනගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රිඩාව සඳහා විදේශ මුදල් විශාල ප්‍රමාණයක් මෙරටට ලැබෙන අතර එම මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට පරවා ගන්නා ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට පැමිණෙන විදේශ විනිමය විදේශ රටවලට හොර පාරේ යෑම හේතුවෙන් මෙම යෝජනාව කළ බවයි. එසේම එම මුදල් නිවැරදි ආකාරයෙන් මෙරටට ගෙන්වීමට හා එහි පරිපාලනය මුදල් අමාත්‍යංශය මගීන් සිදු කරයිනම් එය වඩා සුරක්ෂිත වනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. තව ද මෙරට ක්‍රිකට් ක්‍රිඩාව මෙන්ම ක්‍රිඩකයින්ද ආරක්ෂා කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ක්‍රිකට් ක්‍රිඩාව සුදුවක් බවට මේ වන විට පත්ව ඇති බවත් එය සොයා බලා කඩිනම් විසදුම් ගත යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *