27 April 2024
#දේශීය

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත සම්මතයි

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමට අදාළව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (11) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ජාතික නවෝත්පාදන නියෝජ්‍යායනතය පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විවාදයට අද ආරම්භ වුයේ පෙරවරු 11 ටය. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පළමුව ක්‍රීඩා පනත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය. ලංකාවේ ක්‍රීඩාව විනිවිදභවය දකින්නට පාර්ලිමේන්තුවට මෙම පනත ගෙන එන විට එයටත් සංශෝධන ගෙන එන්නට කටයුතු කරන බව විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සභා ගර්භයේ මන්ත්‍රීවරුන් නොසිටිම හේතුවෙන් සිනුව නාද කිරීම් සිදු කළේය.

ඒ අනුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

 

දිලිනි සමන්මලි 

 

පෙර පුවත 

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *