27 April 2024
#දේශීය

කාඩ් බෝඩ් ඇමැතිලා ගෙදර යායුතුයි – රනිල් කියයි

ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාක්මක නොකර ව්‍යාවස්ථාවට අනුව කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (04) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ එක එක පුද්ගලයාගේ නැකත් අනුව මැතිවරණය පැවැත්වීම නැවත්විය යුතු අතර මැතිවරණයක් පවත්වන්නේ නම් එය සියළු පක්ෂවල කැමැත්ත අනුව සිදු කල යුතුයි.

මේ වන විට අප රටේ අධීකරණය ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් ස්වාධීන කටයුතු කිරීම සතුටුදායක බව හෙතෙම කියා සිටියේය.

එසේම නීති විරෝධිව පත් කර ඇති අමාත්‍ය මණ්ඩලයක් බවත් එය රාජ්‍ය නිලධාරින් අවබෝධ කර ගෙන කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. පසුගියදිනවල කාඩ් බෝඩ් උස්සන් තමන් අමාත්‍යවරයෙකු බව පවසමින් සිටි පුද්ගලයින් ව්‍යවස්ථානුකුලව කටයුතු කල යුතු බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *