27 April 2024
#දේශීය

කාර් රථයක සැකකටයුතු මළ සිරුරක්

අතුරුගිරිය, සංදෝරිස් ජයන්ති මාවතේ අයිනේ නවතා තිබු කාර් රථයක රියදුරු අසුනේ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානයට අද (05) අලුයම 2 ට පමණ ලැබුණු පනිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 48 ක් වු මාලඹේ පදිංචි රාහුුල ජයසම්පත් අයවේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂනයක් සිදු කර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *