27 April 2024
#දේශීය

කැත නැතුව බය නැතුව අපේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න- ජවිපෙ

ජනතාවට කැත නැතුව බය නැතුව තමන්ගේ ඡන්දය ලබාදෙන්න පුළුවන්, ඡන්දය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව පසුතැවීමක් ඇති නොවෙන ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකියන අපේක්‍ෂකයෙක් ජාතික ජන බලවේගයෙන් 18වැනිදා හඳුන්වා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (16) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ මේ වනවිටත් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමෙන් ගෝඨාභය රාජපක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී තිබෙන අතර අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරිව එජාපය අර්බුදයක සිටින බවයි.

එම මාධ්‍ය හමුවේදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසිය. “ ඒ වගේම දේශපාලනයෙන් තොර අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි සංවාදයක් තිබෙනවා. අපේ රටේ විවිධ පුද්ගලයින්ට පීඩාකාරී අත්දැකීම් තිබුණු පමණින් උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි පුද්ගලයින් වටා පරිණත දේශපාලන කණ්ඩායම් නැත්නම් ඔවුන්ට ප‍්‍රතිපත්තියක් නැත්නම් ගම් මට්ටමට දිවෙන පරිපාලන ව්‍යුහයක් නැත්නම් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද? එය කළ හැක්කේ මහජන ව්‍යාපාරයකට පමණයි. දේශපාලන පක්‍ෂ අදාළ නැහැ කියන කතාව ශ්‍රීලනිපයට, එජාපයට, පොදුජන පෙරමුණට අදාළ වෙන්න පුළුවන්. නමුත් අපට අදාළ නැහැ. රටට අලූත් ආදර්ශයන් පෙන්වපු, සංවිධාන විනයක් සහිත ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් හා එක්වුණු ජනතා මධ්‍යස්ථානයක් දැන් ගොඩනගා තිබෙනවා. එම මධ්‍යස්ථානය වටා එක්වීම හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ. එම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා 18වැනිදා ගෝල්ෆේස් එකේදී අපි රටට හඳුන්වා දෙනවා. අපේක්‍ෂකයන් කිහිප දෙනෙක් හිටියට දැන් අපේ රටේ තිබෙන්නේ දේශපාලන කඳවුරු දෙකක් පමණයි. රට ගොඩනගන්න සූදානම්, ජනතාවගේ ආශිර්වාදය සහිත ජනතාව බලාපොරොත්තු වූ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක්‍ෂකයා සහිත කඳවුර සහ රට ණය කරපු, රට විනාශ කරපු රටේ සම්පත් කොල්ලකාපු අනෙක් කඳවුර එම දේශපාලන කඳවුරු දෙකයි. ජනතාවට තෝර ගන්න තිබෙන්නේ රට හදන කඳවුර හෝ රට විනාශ කරපු කඳවුරයි. කඳවුරු 3ක් හෝ අපේක්‍ෂකයන් කිහිප දෙනෙක් දැන් නැහැ. රට දෙකට බෙදිලා ඉවරයි. පැරණි ක‍්‍රමයට රජවරු වැඳ පුදාගෙන වැඩවසම් ක‍්‍රමයක් සහිත ඉතා දුෂ්කර පාලනයක් යටතේ යටත් වැසියන් ලෙස දුක් විඳින කඳවුරද එසේ නැත්නම් රට හදන, කඳවුරද කියලා ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා.

මේ වනවිටත් විද්වතුන්, වෘත්තිකයින් පිරිසක් විසින් විශාල සාකච්ඡාවකින් පසුව ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒවා අපිට පිළිගන්න පුළුවන් ප‍්‍රතිපත්ති මාලාවක්. ඒ වගේම කාලයක් තිස්සේ සාකච්ඡුා වට ගණනාවකින් පස්සේ අපි ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. එයට වමේ පක්‍ෂ, බහුජන සංවිධාන, ගොවි සංවිධාන, ධීවර සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවන් ඇතුළු ප‍්‍රගතිශීලී බලවේග නියෝජනය කරනවා. අපේ රටේ සියලූ දෙනා බලාපොරොත්තු වෙන, සියලූ ගුණාංගයන් සහිත අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි. මේ වන විටත් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්‍ෂ සියලූම ආගමික නායකයින් ඉදිරිපත් කරපු නිර්දේශ කඩලා තිබෙන්නේ. දැනටමත් ඔහුට විශාල නඩු ප‍්‍රමාණයක් තිබෙනවා. කුමන හෝ ආගමකට ගරු කරන ජනතාවකට ඔහුට ඡුන්දය දෙන්න බැහැ. කුමන හෝ ආගමකට ගරු කරන ආගමික නායකයන්ට ඔහුට ආශිර්වාද කරන්න, පිරිත් නූල් බඳින්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ නුසුදුසුකම් ඔප්පු කරපු පුද්ගලයෙක්.

අපේ රටේ ඇතැම් පිරිස්වලට සක්විති රජ මානසික්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අපේ රටේ සමහරු තවමත් වැඩවසම් ක‍්‍රමයකට කැමතියි. රජවරුන්ට වන්දනා මාන කරපු, යටත් වැසියන් සේ හැසිරෙන්න සමහරු කැමැතියි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තොරොම්බල් කරන අයම එවැනි තත්වයකට පත්වීම කණගාටුදායකයි. තමන්ට ඒකාධිපතියෙක් අවශ්‍ය යැයි ඔවුන් අපේක්‍ෂා කරනවා. මේ අදහස් නූතන, ශිෂ්ටසම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. අපි එවැනි වැඩවසම් ලක්‍ෂණ ප‍්‍රතික්ෂේප කරන, නූතන පරපුර නියෝජනය කරන බලවේගයක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *