27 April 2024
#දේශීය

කැබිනට් මණ්ඩලය තුල ප්‍රශ්ණයක් නෑ – ඇමැති රවි කියයි

“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක විය යුතු නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොසොන් පොහොය නිමිති කරගෙන මට්ටක්කුලිය මහවත්ත ප්‍රදේශයේ සංවිධානය කරතිබූ පොසොන් බැති ගී ප්‍රසංගයකට සහභාගි වෙමින්.

රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මෙවැනි අවස්ථාවක, සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවන ලෙස අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ආර්ථිකය සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවල වගේම අපේ රටෙත් ප්‍රශ්න ඇතිව තිබෙන බවත් අනෙක් රටවල ප්‍රශ්න වලට අපේ රටත් ග්‍රහණයට ලක්ව ඇති බව හෙතෙම කියා සිටියේය.

දක්ෂයො, වැඩකරන්න පුළුවන් අය සමග එකමුතු වෙලා ඒ ප්‍රශ්ණ විසදගෙන, මේ රටේ ආර්ථිකය යහපත් ආකාරයෙන් සකසා ගතයුතු බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *