27 April 2024
#දේශීය

කැබිනට් මණ්ඩලය රැස්වෙයි – උණුසුම්ක් අත ළඟයි

කැබිනට් මණ්ඩලයේ රැස්වීම අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වන විට රැස්වී තිබේ. ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්ව තිබේ.

පසුගිය සතියේදී කැබිනට් පසුගිය සතියේදී නොපැවැත්වු අතර එහිදී දේශපාලන ප්‍රබලයින් පවසා සිටියේ පාස්කු ඉරිදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඇතැම් බුද්ධි අංශවල තොරතුරු මාධ්‍ය තුළින් වාර්තා කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විවේචනයට ලක් කළ බවයි.

අද දිනයේදී කැබිනට් මණ්ඩලය උණුසුම් වන ආකාරයක් ගනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඉදිරියේදී දේශපාලනීක වශයෙන් ගනු ලබන තීන්දු තීරණ පවා මෙහිදී සාකච්ඡා වනු ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *