27 April 2024
#ක්‍රීඩා

කොදෙව් පිල පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් පිල සමඟ පැවති තරඟයෙන් කඩුලු 07කින් ජයගැනිමට බංග්ලාදේශ පිල සමත්ව ඇත.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 23 වන තරගය‍ මෙයයි. එංගලන්තයේ ටවුන්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ පිල පළමුව පන්දු රැකිමට තිරණය කළා.

පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 321ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශායි හෝප් ලකුණු 96යි. ඔහුට අනගි සහයක් වෙමින් එවින් ලුවිස් ලකුණු 70ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ පිල පන්දුවාර හතලිස් එකයි පන්දු 03 ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කළා. ශකිබ් අල්හසන් නොදැවි ලකුනු 124යි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *