27 April 2024
#දේශීය

තිළිණ තෙන්නකෝන් එජාපයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගෙන ඇත.

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා 2017 මැයි මාසයේදී මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා, ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *