27 April 2024
#විදෙස්

කියුබා – ජැමෙයිකා සීමාවේ ප්‍රබල භූ කම්පනයක්…

කියුබාව සහ ජැමෙයිකාව අතර ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති අතර මියාමි දක්වා මිනිසුන්ට එහි කම්පන දැනී තිබේ.

රිට්චර් මාපකයේ 7.7 ක විශාලත්වයකින් යුත් මෙම භූමිකම්පාව එ රට වේලාවෙන් පස්වරු 2.10 ට කියුබාවට දකුණින් හා ජැමෙයිකාවේ වයඹ දෙසින් බලපෑ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

 

භූමිකම්පා වාර්තාවල ට අනුව, දූපත් දෙක ට ම මෙතෙක් වාර්තා වී ඇති විශාලත ම රික්ටර් භූමිකම්පාව මෙයයි.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන මීට පෙර ජැමෙයිකාව, කියුබාව සහ කේමන් දූපත් සඳහා අනතුරු ඇඟවීමක් කර තිබුණ ද, කෙසේ වෙතත් එය පවසන්නේ සුනාමි තර්ජනය දැන් පහව ගොස් ඇති බවයි.

* සටහන : ජනිත් විපුලගුණ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *