27 April 2024
#දේශීය

කිරිඇල්ලගේ කෙනෙහිලිකමට ලක් වු තිස්සට ජාතික සංවිධායක ධුරය

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා ලෙස තිස්ස අත්තනායක මහතා පත් කර තිබේ.

අද (18) දින අදාළ පත් වීම සිදු කරනු ලැබුවේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

තිස්ස අත්තනායක මහතා පසුගිය දින කිහිපයේම පවසා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ කරන බවයි. අත්තනායක මහතා පසුගියදිනවල මාධ්‍ය වෙත පවසා සිටියේද මහමැතිවරණයට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බවයි.

කෙසේ නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සජිත් ප්‍රේමදාස හට සහාය දැක්වීමට කටයුතු කිරීමත් සමඟ අදාළ තීරණය වෙනස්වී ඇති බව වාර්තා වේ. මෙම එක්වීම සිදු වුයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හට මහනුවර පාක්ෂිකයින්ගේ ලද ඉල්ලීමට අනුව බව ඔහුගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේය. කෙසේ වෙතත් එම පාක්ෂිකයින් පවසා ඇත්තේ තිස්ස අත්තනායක මහතා හට මහනුවර ආසනයෙන් තරඟ කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට ලක්ෂ්මන් කිරිඇල්ල කටයුතු කර තිබෙන බව දැනගන්නට ඇත.

මෙම තත්ත්වය මත තිස්ස අත්තනායක මහතාහට පක්ෂයේ ජාතික සංවිධානයක ධුරය ලබා දීමටත් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නියමිතව ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *