27 April 2024
#දේශීය

කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි

කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

මෙහි විශේෂත්වය වන්නේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයකු විසින් දේශීය බෝම්බ නිෂ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමඟ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු කරන්න සිදුව තිබීමය.

මෙය ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවදානමක් වශයෙන් ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බවත් වාර්තා වෙයි.

මේ අනුව සැකකටයුතු ප්‍රදේශයන් හදිසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුළු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කර සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *