• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන පාසල් වාරය ආරම්භයේ දීම නිල ඇඳුම් ලබාදෙන බව – ඇමැති ඩලස් කියයි

26 November 2019
in සංවර්ධන

පාසල් සිසුන්ට නිල ඇඳුම් සම්බන්ධයෙන් හෙට දින (27)  කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව 2020 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට නව පාසල් වාරය ආරම්භයේ දී සිදුකිරීමට අදාළ සියලු පියවර ගන්නා බව පවසන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එසේම 2019 පාසල් වාරය තව දින තුනකින් (03) නිමාවට පත්වීමට නියමිතව ඇති අතර 2020 වසර වෙනුවෙන් නියමිත නිල ඇඳුම් දරුවන්ට ලබාදීම සඳහා ඊට පෙර පියවර නොගැනීම කණගාටුවට කරුණක් බවත් එහි සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතු බව අමාත්‍යවරයා පැවසිය.

පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචරපත් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් ව තිබූ අතර, ඒ අනුව ඊළඟ වර්ෂවල දී නිල ඇඳුම් වෙනුවට වවුචර පත් ලබාදෙන්නේ ද, රෙදි ලබාදෙන්නේ ද යන්න පිළිබඳ තීරණයක් ලැබී නොතිබිණි.

මේ හේතුවෙන් 2020 වර්ෂය සඳහා පසුගිය වර්ෂයේ පැවති මිළගණන් යටතේ ම නිල ඇඳුම් සඳහා වවුචරපත් ලබාදීමට අදාළ ව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා තීරණයක් ලබා දී නොමැත.

එබැවින් හෙට දින (27) මේ සම්බන්ධ ව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව 2020 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට නව පාසල් වාරය ආරම්භයේ දී සිදුකිරීමට අදාළ සියලු පියවර ගන්නා බව පවසන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගන්නා බව ද සහතික කර සිටියි.

Post Views: 8
Previous Post

කිසිවෙකු නීතියට ඉහළින් නැති බව ට්‍රම්ප්ට අධිකරණයෙන් කියයි

Next Post

කරූ සමඟ සජිත් – රනිල් වික්‍රමසිංහ හමුවීමට සැරසෙයි…

editor

editor

Next Post

කරූ සමඟ සජිත් - රනිල් වික්‍රමසිංහ හමුවීමට සැරසෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved