මෙරට කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් තේ දලු අස්වැන්න සහ වගාකරුවන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීම අරමුණු කරගත් “Ceylon Tea Villages” (ලංකා තේ ගම්මාන) 500ක් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන එළඹෙන ජූලි 15 වැනිදා පෙරවරු 9.00ට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ බව අනාවරණය කළේය.
මෙහි ප්‍රධාන සමාරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හල්ගොල්ල ග්‍රාමයේ, හපුගස්තලාව වැව අසලදී පැවැත්වෙන අතර, ඊට සමගාමීව දිවයින පුරා තේ වගාව බහුලව සිදුකෙරෙන දිස්ත්‍රික්ක 14ක් කේන්ද්‍ර කරගනිමින් මෙම ජාතික වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට නියමිතය. මෙමඟින් කුඩා තේ වතු හිමියන්ගේ සමාජීය ජීවන තත්ත්වය උසස් තලයකට ගෙන ඒමට රජය අපේක්ෂා කරයි.
















