• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග සොයන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි

13 March 2020
in සංවර්ධන

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් සිදු කර සිටියේ පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

එහිදී අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

එහිදී අදහස් දැක් වු ජනාධිපතිවරයා ” අපේ දේශපාලන සංස්කෘතියේ යම් බිඳ වැටීමක් දකින්නට පිළිවන්. එය නිවැරදි කිරීමේ අරමුණ ඇතිවයි ජනතාව දේශපාලනයෙන් බාහිර පුද්ගලයෙක් ජනාධිපති ධූරයට තෝරා ගත්තේ. මේ තමයි මා ජය ගත යුතු අභියෝගය. ජනතා අපේක්ෂා ඉටුකිරීමේ දී රාජ්‍ය අංශයට පැවරී ඇත්තේ විශාල වගකීමක්. රාජ්‍ය ආයතන කාර්යක්ෂමනම්, ජනතාවට අවශ්‍ය සේවය ඉටු කරන්නේනම් අපට ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ආර්ථික සමාජ ක්‍රියාදාමයේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනය පිණිස විධිමත් පර්යේෂණ කිරීම ආර්ථික දියුණුවට ප්‍රබල සාධකයකි.

සමාජයේ පහළම ස්ථරයට ඉහළ ජීවන තත්ත්වයක් අත්කරදීම සිය ප්‍රධාන අපේක්ෂාව බව කීය. දිළිඳුතම පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළේ එකී අරමුණ සපුරා ගැනීමට බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අපි කෘෂිකාර්මික රටක්. එහෙත් අපේ ගොවියා දුප්පත්. දෙවැනි, තුන්වැනි පරම්පරා ගොවිතැන තෝරාගන්නේ අන් කළ හැකි දෙයක් නැතිනම් පමණයි. නව පරපුර ගොවිතැනට ආකර්ශණය කර ගැනීමට මේ ක්ෂේත්‍රයට තාක්ෂණය හඳුන්වාදිය යුතුයි. ඉන්දියාව එසේ කිරීමෙන් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. කෘෂිකර්මයට නව තාක්ෂණය හඳුන්වාදෙමින් අඩු ආදායම්ලාභී ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමට පර්යේෂකයන් ක්‍රමෝපාය හඳුන්වාදිය යුතුයි” ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පර්යේෂණ ආයතනවල කාර්යභාරය සහ වගකීම් පැහැදිළි කළ ජනාධිපතිවරයා අපේ ජනතාවට අවශ්‍ය කුමක් ද යන්න නිවැරදිව හදුනා ගැනීම පර්යේෂකයන්ගේ වගකීමක් බව පැවසීය. කෘෂි ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයට ද නව ශිල්ප ක්‍රම හඳුන්වාදීම සඳහා පර්යේෂණ කළයුතුව තිබේ. රසායනික පොහොර භාවිතය ගැන කොතෙක් ප්‍රශ්න තිබුණ ද අපට තවමත් කාබනික පොහොර භාවිතයට යොමු වීමට හැකි වී නැත. ධීවර කර්මාන්තය ගත් විට මත්ස්‍යයන් බහුල ස්ථාන හඳුනාගැනීමට පර්යේෂණ උපයෝගි කරගත හැකිය. පර්යේෂණවල ප්‍රතිඵල අවසානයේ දි නිෂ්පාදනයක් ලෙස සමාජ ගතකළ යුතුයැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 17
Previous Post

මෛත්‍රී පොහොට්ටුවෙන් පොළොන්නරුවට – නාම යෝජනා අත්සන් කරලා !

Next Post

තෙල් හැංගුවොත් බලපත්‍රය අහෝසියි – ඇමැති අමරවීර කියයි

editor

editor

Next Post

තෙල් හැංගුවොත් බලපත්‍රය අහෝසියි - ඇමැති අමරවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved