27 April 2024
#දේශීය

කුණු ගැන ඇමැති මංගල රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි

සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (23) නියෝග කළේ ය.

විදේශ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය කර තිබේ.

දැනට අනාවරණ වී ඇති පරිදි මෙරට සමාගමක් මගින් නාගරික අබලි ද්‍රව්‍ය මෙලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත. ඕනෑම රටකට නාගරික අබලි ද්‍රව්‍ය ආනයනය කරන්නේ නම් ඊට අදාළ රටේ පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතු ය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසියම් පාර්ශ්වයක් අදාළ නීති රෙගුලාසිවලට පටහැනිව ක්‍රියාකර ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *