27 April 2024
#දේශීය

දිවයිනට ආපු ගෝඨා එළියට බහින්නේ අලුත් සන්ධානයත් එක්ක

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රී 11 ට පමණ යළි මෙරටට පැමිණ තිබේ.

ඔහු මෙසේ දිවයිනට පැමිණියේ සිංගප්පූරුවේ දී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති හයක පමණ විවේකයෙන් අනතුරුව බව ඔහුගේ සමිපතයින් කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

එම නඩුව එසේ තිබියදී ලබන අගොස්තු මස 11 වනදා පොදු සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව ඇති බව ගෝඨාභය රාජපක්ෂයේ සමිපතයා අප වෙත ඉතා විශ්වාසනීයව කියා සිටියේය. එසේම ඉදිරි දිනවලදී ගෝඨාභය කරලියට නොපැමිණ අතර බොහෝ විට නිවසින් පිටව නොවනු ඇති බව ද ඔහුගේ සමීපතයා අප වෙත පැවසිය. මේ වන විට රාජපක්ෂ පවුලේ පවා මේ සම්බන්ධයෙන් වාද විවාද පැවැත්වෙන අතර කවුරුන් විරුද්ධ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සිදුවනු ඇති බව ගෝඨාභයගේ සමිපතයා අප වෙත පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *