27 April 2024
#දේශීය

කුමන්ත්‍රණකරුවන්ගෙන් ශ්‍රීලනිප ආරක්ෂා කරන්න පෙරට එන්න – වෙල්ගම

ශ්‍රී ලංකීක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් මුදවාගෙන නැවත ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙන ඒම සඳහා නොවැම්බර් 05 වනදා පස්වරු 02 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සමුළුව පවුල්වාදී ෆැසිස්ට්වාදයෙන් මාතෘභුමිය රැකගනිමු යන තේමාව යටතේ පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් TTVnews.lk වෙබ් අඩවිය කුමාර වෙල්ගම මහතාගෙන් කල විමසීමකදී ඔහු අප වෙත කියා සිටියේ පවුල්වාදී ෆැසිස්ට්වාදි දේශපාලනය පරාජය කිරීමට එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කරන ලෙස මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනු ඇති බවයි.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *