27 April 2024
#දේශීය

මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්න

පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයීන්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පිහිටි මෘත ශරීරාගාරයේ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හදුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පවසයි.

කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ ,අංක 111 දරන ස්ථානයේ පිහිටි ,අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ අදාළ මෘත ශරීර හදුනා ගත හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් අනන්‍යතාවය හදුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගලයින්ගේ මළ සිරුරු විශාල සංඛ්‍යාවක් පවතින බැවින් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට පැමිණ අදාළ පුද්ගලයින්ගේ මෘත ශරීර හදුනා ගැනීමට හැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *