27 April 2024
#දේශීය

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

කුරුණෑගල රාජධානියේ  බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහ‍ෙස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ  නිශාරා ජයරත්න  සඳහන් කරන ආකාරයට  නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ වරෙන්තුව ලබාගෙන ඇත.

මෙලෙස වරෙන්තු නිකුත්කර ඇත්තේ, කුරුණෑගල නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකුටය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *