27 April 2024
#දේශීය

ලෙබනන් ශෝකාන්තය ගැන ලක් රජයේ ශෝකය

ලෙබනනයේ සිදු වූ පිපිරීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබු පිරිස් ඇතුළු එරට වැසියන්ට ශ්‍රී ලංකා රජයේ ශෝකය පළකර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ලෙබනන් ජනාධිපති මයිකල් ඕන්  වෙත එම ශෝක පණිවිඩය යොමුකර ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට අදාළ පිපිරීමෙන් මේ වනවිට පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් 5000ක් පමණ තුවාල ලබා ඇත.

එසේම  අතුරුදන්ව ඇති පුද්ගලයන් රැසක් ගැනත් විමර්ශන සිදුවෙමින් ඇති   බවත්  විදෙස් වාර්තා පවසයි.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකු ද වන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *