27 April 2024
#දේශීය

කුලියට ගත් පක්ෂය කරන දේවල් ගැන පරිස්සම් වන්නැයි වජිර කියයි

සන්ධානයක් සකස් කිරීම වෙනුවට දේශපාලන පක්ෂයක් කුලියට ලබා ගෙන සිදුකරන මැතවරණයේ දී ඡන්ද දායකයින් මෙන්ම අපේක්ෂකයින් පරිස්සම් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරිමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බව හෙතෙම පැවසිය.

ඔහු පවසන්නේ විනයක් හා පාලනයක් නොමැති කුලියට ලබා ගත් පක්ෂයක කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම සන්ධාන ගත නොවන බවයි.

ප්‍රධාන දේශපාලන ව්‍යුහයේ විනයක් හා පාලනයක් තිබිය යුතු බවත්, එවැනි නොමැති ස්වාධීන කණ්ඩායම් සමඟ තරග කිරීම රටට හා ජාතියට සිදුකරන මහා බරපතළ ඛේදවාචකයක් බවත් අබේවර්ධන මහතා කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *