27 April 2024
#දේශීය

අවුරුදු 13ක දැරියකටත් කොරෝනා

වයස අවුරුදු 13ක් පමණ වන දැරියක ඇතුළු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අද දහවල් වන විට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවූ අනෙක් දෙදෙනා වයස අවුරුදු 37 ක සහ 50 වියෙහි පසුවන පිරිමි පුද්ගලයින් බව ඒ මහතා පැවසීය.

මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.  මේ අනුව ලංකාව තුළ මේවන විට කොරෝනා ආසාධිතයින් 21ක් පමණ ප්‍රතිකාර ගනිමින් සිටී.

ගෝලීය වසංගතයක් ලෙස තවදුරටත් ලොවපුරා පැතිර යන නව කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 140 කටත් අධික ප‍්‍රමාණයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතී. වෛරසයේ වැඩිම බලපෑම මේ වනවිට එල්ල වී ඇත්තේ යුරෝපා කලාපයටය. ඉතාලියෙන් පමණක් ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 368 ක් වාර්තා වී තිබේ. විදෙස් වාර්තාවන්ට අනුව චීනය ද අභිබවා දිනක් තුළ රටකින් වාර්තා වුණු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය වන අතර ඉතාලියෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,809 කි.

ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 6,515 කි. ලොව පුරා මේවනවිට සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන 1 69, 415 කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *