27 April 2024
#දේශීය

කෘෂිකර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය දැක්ම ඇති බව ජනපති අපේක්ෂක අනුර කියයි

අපේ රටට නව පාලනයක් ගොඩ නගාගැනීමට එළැඹෙන නොවැම්බර් 16දාට ඡන්දේ පාවිච්චි කර අලූත් පාලනයක් හදාගන්නැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන භූමියේ පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික මහා සමුළුව අමතමින්.  සමුළුව අමතමින් දිසානායක මහතා කියා සිටියේ කෘෂිකර්මාන්තයේ නව ප‍්‍රබෝදමත් යුගයක් ආරම්භ කරන්න කටයුතු කරන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තියේ පධාන අරමුණු දෙකක් තිබෙනවා. එක. ගොවිජනතාවට සාධාරණ මිලකට තමන්ගේ භාණ්ඩටික විකුණගන්න පුළුවන් වෙන්න ඕනා. පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට මිලදීගැනීමේ හැකියාව තියෙන්න ඕනා. ගොවිජනතාවට තමන් නෙළන අස්වනු සාධාරණ මිලකට විකුණාගැනීමේ හැකියාව, පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට භාණ්ඩ මිලදීගැනීමේ හැකියාවත් අපි නිර්මාණය කරන්න ඕනා. ලෝකයේ සෑම රාජ්‍යයකම මිල ස්ථාවරයි. අඩුම තරමේ අවුරුද්දකට සත 50කින් වෙනස් වෙන්නේ නැහැ. ජනවාරි මාසේ කැරට් කිලෝ එක යූරෝ බාගයයිනම් දෙසැම්බර් මාසය දක්වාම කැරට් කිලෝඑක යූරෝ බාගයයි. අපේ කැරට් කිලෝඑක එක කාලෙක රුපියල් 60යි, ඒ කැරට් කිලෝ එක ඒ අවුරුද්දෙම රුපියල් 400යි. විශාල මිල උච්චාවචනයක් තිබෙනවා. මිල බහින කාලෙට ගොවිය අනාතයි. ලෝකයේ කිසිඳු රාජ්‍යයක මෙහෙම මිල උච්චාවචනය වෙන්නේ නැහැ. කෘෂිකර්මාන්තයේ එවැනි පරිවර්ථනයක් කරන්න අපි ලෑස්තියි. කෘෂිකර්මය කියන්නෙ අපේ රට ගොඩනැගීමේ මාවතේ ඉතාමත් වැදගත් ක්ෂේත‍්‍රයක්. ඒ නිසා මෙය ගෙඩනැගිය හැකි ගොඩනැගීමට අවශ්‍ය වන දැක්ම වැඩපිළිවෙල අප සතුව තිබෙනවා. ” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *