කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DR Congo) සීඝ්‍රයෙන් පැතිර යන ඉබෝලා (Ebola) වෛරස් වසංගතය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 131 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත සහ විදෙස් වාර්තාවලට අනුව, මේ වන විට කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා රෝගය වැළඳුණු රෝගීන් 513 කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ. තත්ත්වය වඩාත් බරපතළ කරමින්, මෙම මාරාන්තික වෛරසය අසල්වැසි රාජ්‍යයක් වන උගන්ඩාව (Uganda) වෙත ද ව්‍යාප්ත වී ඇති අතර, එහිදී ද එක් ඉබෝලා මරණයක් වාර්තා වී ඇති බව තහවුරු කර ඇත.
මේ වන විට වෛරසය කලාපය පුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු අනතුරු අඟවා සිටියි. වසංගතය පාලනය කිරීම සහ සහන සේවා සැපයීම සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය කණ්ඩායම් මේ වන විටත් එම ප්‍රදේශවලට පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.













