27 April 2024
#ව්‍යාපාර

කොන්ත්‍රාත්කරුවන්ට නොගෙවූ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

පසුගිය රජය මගින් නිසි මුදල් වෙන් කිරීමකින් හෝ සැලසුමකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට කඩිනමි සහන සැලසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

අදාළ ව්‍යපෘති ඇතුළු විවිධ සේවා වෙනුවෙන් ගෙවීම් කර නැති රුපියල් බිලියන 367ක් වහා ම ගෙවීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව පසුගිය රජය විසින් සැපයුම්කරුවන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට 2019 වසරේ ගෙවිය යුතු එහෙත් නොගෙවා ඇති බිල්පත් නිරවුල් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනාවක් ඊයේ (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ද හිමි වී තිබේ.

අග්‍රාමාත්‍යවරා ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාවට අනුව පොහොර සහනාධාරය, වැඩිහිටි පොලී සහනාධාර, බෙහෙත් සහ අනෙකුත් වෛද්‍ය උපකරණ මිල දී ගැනීම්, ගම්පෙරළිය සහ අනෙකුත් ප්‍රාග්ධන වියදම් සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම්, ත්‍රිවිධ හමුදා සේවා, උතුරු පළාත් සංවර්ධනය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ප්‍රාග්ධන වියදම් ඇතුළුව පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 101ක් ද, ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 55ක් ද ඒ අනුව සැපයුම්කරුවන්ට ලබා දීමට නියමිත ය.

එසේ ම පැවැති රජය මගින් ප්‍රතිපාදන ඉක්මවා වියදම් කර ඇති විදේශ ණය ව්‍යාපෘතිවල වියදම සහ ඒ සඳහා දේශීයව කර ඇති රුපියල් බිලියන 211ක වියදම මුදල් අමාත්‍යවරයා ලෙස ගෙන ඇති මෙම තීරණයට අනුව පියවෙනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *