• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා අස්සේ විපක්ෂයේ සූදානම අගමැති මහින්ද හෙළිකරයි

3 May 2020
in දේශීය

කොරෝනා මර්දන ව්‍යපෘතිය කඩාකප්පල් කර මහ මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිද දැමීම  විපක්ෂයේ පරමාර්ථය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පවතින දේශපාලන අර්බුදකාරි වතාවරණය හා කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය මර්දනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

මෙරට කොරෝනා මර්දන ව්‍යාපෘතිය ලෝකයේ අනෙක් රටවලට වඩා සාර්තකත්වයක් පෙන්වා ඇති බවත් ඔහු එහිදී  සඳහන් කර ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මැතිවරණයක් පැවැත්වුවහෝත් විපක්ෂයට අවාසි බැවින් කෙසේ හෝ පැරණි පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුවේ මුදල් සැපයුම අස්ථාවර කිරිම විපක්ෂයේ අරමුණ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිතුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

“ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්ධන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත් වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. 

මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වෙනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ඇතුලු රජයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට නෛතික බලයක් නැති බවත්, පරණ පාර්ලිමේන්තුව නැවත රැස් නොකොළොත්, ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩු පාර්ශවයේ සිටින අපගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත්,  දේපළ රාජසන්තක විය හැකි බවත් තර්ජනය කරමින්, මේ රටේ දේශපාලන විපක්ෂය රණ්ඩු කරන ආකාරය අපි දකිමු. 

මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ලංකාවේ එකම කොරෝනා රෝගියෙකුවත් නොසිටි අස්ථාවකය. ඊට සති එකහමාරකට පසු මුල්වරට රෝගියෙකු හමුවීම නිසා, මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. 

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත. ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව සුදුසු අවස්ථාවක ඔවුන් මැතිවරණය පවත්වනු ඇත. 

ලංකාවේ කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ලෝකයේ බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති තත්වයක් යටතේ මැතිවරණයක් පවත්වනු ලැබුවහොත්, විපක්‍ෂයට අවාසිදායක වෙන නිසා, කෙසේ හෝ යලිත් පැරණි පාර්ලිමේන්තුව කැඳවාගෙන, ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කොට, මහා මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරෑපය බිඳ දැමීම විපක්‍ෂයේ පරමාර්ථය වී ඇති බව පැහැදිලිය. 

කොරෝනා උවදුර ඒමට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී මේ යහපාලන පක්‍ෂ පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි බහුතරය පාවිච්චි කොට ආණ්ඩුවේ පොහොර හා බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම වැලැක්වීම තුළින් රටේ පොහොර හා බෙහෙත් හිඟයක් ඇතිකොට අලුත් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට දැරූ උත්සාහය මුලු රටම දුටුවේය. 

දැන් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වෙන්නේ ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට රටේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වැය කිරීමට බලය පවරා ඇත්තේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවති ආණ්ඩුව විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත නොකර තිබෙන අවස්ථාවක පමණක් බවයි. 

කලින් පැවති යහපාලන ආණ්ඩුව 2020 අප්‍රේල් 30 වෙනිදා දක්වා   අතුරු සම්මත  ගිණුමක් සම්මත කර තිබුණු නිසා, අප්‍රේල් 30 වෙනිදායින් පසු ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට බලයක්  නැතැයි ඔවුන් තර්ක කරයි. 

මෙය විකාර ස්වරූපී තර්කයකි. ව්‍යවස්තාවේ 150(3) වගන්තිය යටතේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට  පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලයක් ඇත. 

අදාල කාරණය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් තිබේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවන්නේ නැත්තේ,  කොරෝනා මර්ධනයට පිටරටින් ලැබෙන මුදල් අවභාවිතා කිරීමට බව විපක්ෂය කරන තවත් චෝදනාවකි. 

ඒ මුදල් වියදම් වෙන ආකාරය ගැන අධීක්ෂණය කිරීමට පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවිය යුතු බව ඔවුන් කියයි. ආණ්ඩුවට පිටරටින් ලැබෙන සියලුම මුදල් මහ බැංකුවේ අදාල පද්ධතිය හරහා මහා භාණ්ඩාගාරයට යයි. 

මේ මුදල් වියදම් කිරීමේ දී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇත. යහපාලන ඇමතිවරු  මධ්‍යම සංස්කෘතික අරමුදලේ  මුදල්  වැය කළ ආකාරයට මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කළ නොහැක. 

අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු,  පරණ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද මොහොතේ සිට අලුත් පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව දක්වා රජයේ මුදල් වැය වූ ආකාරය ගැන ප්‍රශ්න නැගීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇත. එතෙක් ඔවුන් ජනතාවට බොරු නොකියා සිටිය යුතුය. 

මේ අවස්ථාවේදී අපි මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත්,  ජන ජීවිතය  සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් අවධානය යොමු කළ යුතුය. කොරෝනා රෝගීන් සෙවීමේ මෙහෙයුමට එකතු වීම හේතුවෙන් නාවුක හමුදාවේ ඇති වූ කොරෝනා පොකුරේ තරම අපි කවුරුත් දුටුවෙමු. 

ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරමි. අපේ සෞඛ්‍ය සේවකයන්, යුද, නාවුක, ගුවන් හමුදාව, පොලීසිය ඇතුලු මේ සටනේ පෙරමුණේම සිටින පිරිස් ජනතා සේවය වෙනුවෙන් මොන තරම් අවදානමක්  දරණවාද යන්න කාටත් පැහැදිලිවේ. මේ විරුවන්ට  ඔවුන්ගේ රාජකාරිය කිරීමට අපි කවුරුත්  උපරිම සහයෝගය දැක්විය යුතුය යන කාරණයත් මම මෙහිදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.“

Post Views: 12
Previous Post

විපක්ෂය ඡන්දෙට බයයි – ජානිපෙ කියයි

Next Post

නිවාඩු දිනයක නාම යෝජනා ගැනීම ජන්දයට බාධාවක් නොවෙයි – ගම්මන්පිල

editor

editor

Next Post

නිවාඩු දිනයක නාම යෝජනා ගැනීම ජන්දයට බාධාවක් නොවෙයි - ගම්මන්පිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved