27 April 2024
#දේශීය

විපක්ෂය ඡන්දෙට බයයි – ජානිපෙ කියයි

පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමු රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා කියා සිටියේ තම 2015 – 2019 පාලන කාලය තුළ ජනතාවට ලබා දුන් කිසිවකුත් නොමැති නිසා මෙම රනිල් – සජිත් – අනුර – හකීම් හවුල ජනතාව ඉදිරියට යාමට නොහැකිව බියෙන් සලිතව සිටින බවත් ඒ බිය නිසාම ඔවුන් පසුගියදා සජිත් පේ‍්‍රමදාසගේ අලූත් පක්ෂයේ අපේක්ෂකයෙකුගේ පුත‍්‍රයකු ලවා ඡන්දය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරවා තිබෙන බවයි.

කොවිඞ් – 19 වසංගතය ලොව පුරා පැතිර ගොස් ඇති බවත් එය නිම වන දිනයක් කිසිවෙකුටත් පැවසිය නොහැකි නිසා සෞඛ්‍යාරක්ෂිතව ලෝකවාසීන්ට තම ආර්ථික – සමාජ ක‍්‍රියාකාරකම් පවත්වාගන්නා අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරකම් ද පෙර පැවති තත්ත්වයන්ගේ යම් වෙනසක් සහිතව පවත්වාගෙන යාමේ අභියෝගය මතුව ඇති බවත් ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම යථාර්ථයට පිටුපා යමින් මෙරට මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වීම කොවිඩි – 19 පැතිරයාම බිංදුව වන තෙක් කල් දමා ඇති බවටත් එය අද රනිල් – සජිත් – අනුර – හකීම් කල්ලියට පරාජයේ විලිවසා ගැනීමට උපකාර කරමින් ‘මැතිවරණ නොපවත්වන කොමිසමක්’ බවට පත්ව ඇති බවටත් මුසම්මිල් මහතා චෝදනා කර සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *