27 April 2024
#දේශීය

කොරෝනා ආසාදනය වූ දෙවැනි රෝගියා හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදනය වූ දෙවැනි රෝගියා මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ මෙම රෝගියාද මීට පෙර වාර්තා වු රෝගියාද දෙදෙනා එකට නවාතැන් ගෙන සිටි අයෙකු බවයි.

වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙකුට මෙසේ වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහුට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගෙන ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *