27 April 2024
#දේශීය

සියළුම පාසල් අප්‍රේල් 20 තෙක් වසා දමයි

රට තුළ ඇති වී පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස දිවයින පුරා සියලුම පාසල් අප්‍රේල් 20 වනදා තෙක් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව හෙට (12) සිට ආරම්භ වනුයේ පළමු පාසල් වාර නිවාඩුව බවත් නියමිත දිනට (අප්‍රේල් 20) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

එසේම මෙහිදී රට තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිදු බරපතල තත්ත්වයක් නොමැති බවත් මෙහිදී පාසල් දරුවන් හා දෙමාපියන් තුළ මේ පිළිබඳ යම් අනියත බියක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැවසිය.

එසේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පේරුම මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ බෞද්ධ දහම් පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *