27 April 2024
#දේශීය

පුබුදමු ශ්‍රී ලංකා පදනමෙන් නිවසටම එළවළු බීජ

පුබුදමු ශ්‍රී ලංකා පදනම මගින් නිවස් වෙත ගොස් ගෙවතු වගාවන් සදහා අවශ්‍ය කරනු ලබන එළවළු බීජ ලබාදීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා වෙත එළවළු බීජ ලබාදීම(19) මහනුවර පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදී ආරම්භ විය.

පරිසරය විසින් ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වස විසෙන් තොර ආහාර ලබාගැනීම සදහා ගෙවත්ත තුල තම ආහාර අවශ්‍යතාවය සදහා එළවළු පළතුරු සිටුවීම ඉතාම වැදගත් බව මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය පුබුදමු ශ්‍රී ලංකා පද‍නමේ සභාපතිවරයා සහ සමාජිකයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *