27 April 2024
#දේශීය

කොරෝනා වෛරස් රෝගියාගේ පුතා ගැන යන කටකතා අසත්‍යයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වු පලමු රෝගියා දැනට අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධනයට ලක් කර තිබේ.

එම රෝගියාගේ පුත්‍රයාට ද රෝගය වැළදී ඇති බවට සිදු කරන කටකතා සම්පුර්ණයෙන් අසත්‍යයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටියේය.

එසේම මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වඩා නිවැරදිව ප්‍රවෘත්ති වාර්තා කරන මෙන් මාධ්‍යවේදීන්ගෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියේය.

පවතින තත්ත්වය සම්බන්දයෙන් මෙන්ම රෝග නිවාරණය සම්බන්ධයෙන් වඩා වගකීමෙන් කටයුතු කරන මෙන් ජාසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *